Skip to main content

Posts

Featured

ගැට නොගැහුණු හිත්

අම්මා තරම්ම බට්ටීත් වැස්සට ආදරේ ය.වැස්සක් වැහැගෙන එත්ම  "look its raining " කියා ගෙන ඇබිති කුඩේකුත් ඉහලා ගෙන දුවගෙන ඇවිත් වැස්සට පනින්නීය. මඩකරියෙක් සේම වතුර වලවල් මඩ වලවල්වලට හරවන බට්ටී මට මතක් කරවන්නේ ගෙදර ඉන්නා කාලයේ වැස්සක් වැටෙනා පරක්කුවෙන් මිදුලට පැනගෙන තෙත බරියන් වෙන තුරු වැස්සේ නටන හැටි ය.දැනුත් එහෙම කරන්නට හිතෙන වෙලාවල් නැත්තේ නෑය.ඒත් එහෙම කලෝතින් අනිවාර්‍යයෙන් ම අල්ලපු ගෙදර මිනිස්සු  මා කෙරරෙහි පතළ කරුණාවෙන් අංගොඩ ඉස්පිරිතාලෙට කෝල් එකක් දෙන බව සහතික ය. පොඩි කාලේ ජීවිතේ හොඳම කාලය කියන්නේ නිකං නොවේ ය.පොඩි හිත් ගැට ගහන්නට සීමා මායිම් නැති ගාන ය.හිතෙන හිතෙන දේ හිතෙන හිතෙන වෙලාවල කරන්නට පොඩි පරාණ වලට අයිති වෙන අසීමාන්තික නිදහස ගැන ඇත්තටම ඉරිසියා හිතෙනවා ය.හිත ඉල්ලන ඕනෑම දෙයක් ඉල්ලන්නට පොඩි පරාණ පසු බට වෙන්නේ නැත.යාප්පුවෙන් ඉල්ලා, නහයෙන් අඬා  බැරිනම් බිම පෙරලී හෝ හිත ඉල්ලන දේ ඉල්ලාගෙන සතුටු වෙන්නට පොඩි හිත් උපන් හපන්නුය. ඒත් එහෙම ඉන්නට ලැබෙන්නේ බොහෝම ටික කාලයක් ය.ගෙදර දොරේ වටපිටාවෙන් නීති රීති දැල් එලන්නට ගන්නේ ඇහි පිය හෙලන පරක්කුවෙන් ය.එහෙ බලා මෙහෙ බලද්දී ඔහේ පියෑඹූ

Latest Posts

කෝච්චියෙන් යං

කුවේණි vs විජය

සාරි කතා 1

මිස්ට වර්ල්ඩ් බලු නයිදේ 2018

හැරී බැන්දා .මගුලක් කතා කරනවා

කැන්ටින් කතන්දර